දෛනික විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස පහතට

දෛනික විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස පහතට

දෛනික විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම පසුගිය මාස දෙකක කාලය තුළ වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 48 ත්, 49 ත් අතර අගයක පැවති බවයි.

කෙසේ වෙතත්, එය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38 ත්, 39 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ද ඔහු සඳහන් කළා.

COMMENTS