ආසියානු දැල්පන්දු ශූරතාව ලංකාවට ගේන්න කෙල්ලොත් අද සටනේ

ආසියානු දැල්පන්දු ශූරතාව ලංකාවට ගේන්න කෙල්ලොත් අද සටනේ

අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සිංගප්පූරුව සමඟ ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වෙනවා.

ඊයේ ලබාගත් ජයග්‍රහණයත් සමඟ ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල්පන්දු ලෝක ශූරතාව සඳහාත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගය අද (11) රාත්‍රි 7.30 ට ඩුබායි හි දී පැවැත්වෙනවා.