දිනන්නේ පොලීසියද? පාතාලයද? ළඟදීම බලා ගන්න පුළුවන් – අජිත් රෝහණ

දිනන්නේ පොලීසියද? පාතාලයද? ළඟදීම බලා ගන්න පුළුවන් – අජිත් රෝහණ

දකුණු පළාත තුළ පසුගිය මාස කිහිපය තුළ සිදු වූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ.

අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ 156 වැනි පොලිස් දිනයට සමගාමීව ඊයේ (10) පැවති දකුණු පළාත් ප්‍රධාන උත්සවයට සහභාගිවෙමිනි.

පසුගිය ජුනි පළමුවැනිදා සිට මේ දක්වා දකුණු පළාත තුළ වෙඩිතැබීම් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත්ව ඇති බවත්, එම සිදුවීම්වලින් 04 කට අදාලව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා.

ඉතිරි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරන අජිත් රෝහණ මහතා, අපරාධ සිදුකර නීතියෙන් ගැලවී සිටීමට හැකි යැයි සිතන්නේ නම් පොලීසිය ඊට කිසිදා ඉඩ නොතබන බවද අවධාරණය කරනවා. තවත් සති 06 ක් ගතවන විට දිනන්නේ අපරාධකරුවන්ද පොලීසියද කියලා බලා ගන්න පුළුවන්.

අපරාධකරුවන්ද අපිද කියලා කිසිම අවස්ථාවක අපි ඉඩ දෙන්නේ නැහැ ආයුධ අරගෙන සැරිසරන්න මේ අයුරින් ඝාතනය කරන්න. ඒ සියලුදේනා හදුනාගෙන තියෙනවා අනුබලදිපු අය හදුනාගෙන තියෙනවා. ඒ සදහා වක්‍රව උදව්කරපු අය හදුනාගෙන තියෙනවා එස්.එමි එස් ගහපු අය හදුනාගෙන තියෙනවා අපරාධකරුවන්ට නවාතැන් දෙන පුද්ගලයින් පවා හඳුනාගෙන තියෙනවා ඒ සියල්ලන්ටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනවා යනුවෙන් වැඩි දුරටත් සඳහන් කළේය.