ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන අනෙක් ක්‍රීඩාවලටත් දෙන්න – දසුන් ශානක

ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන අනෙක් ක්‍රීඩාවලටත් දෙන්න – දසුන් ශානක

එකම දිනයකදී ක්‍රිකට්වලින් මෙන්ම දැල්පන්දුවලින්ද ආසියාවේ ශූරයන් බවට පත්වීම සතුටට කරුණක් බවත්, කෙසේ නමුත් ක්‍රිකට්වලට තරම් අවධානයක් දැල්පන්දු ක්‍රීඩිකාවන්ට නොලැබුණු බවත්, එනිසා ක්‍රිකට්වලට තිබෙන අවධානය අනෙකුත් ක්‍රීඩාවලටද ලබා දිය යුතු බව දසුන් ශානක පවසනවා.

ආසියානු කුසලාන අවසන් තරඟය ජයගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

යම් පසුබෑමකට ලක් ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට ඉතා ඉහළ ස්ථානයකට පැමිණ ඇති බවත්, ක්‍රිකට්වලින් පමණක් නොව අනෙකුත් ක්‍රීඩාවලින්ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම අවශ්‍ය බවත් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ ක්‍රිකට්වලට මාධ්‍යයෙන් ලබාදෙන ඉඩ අනෙකුත් ක්‍රීඩා සඳහාද ලබාදෙන ලෙසයි. අනෙකුත් ක්‍රීඩාවලද දක්ෂයන් විශාල ප්‍රමාණයක් සිටින බවත්, මාධ්‍යයෙන් ඔවුන්ට ලබාදෙන ඉඩ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇති බවත් දසුන් පවසනවා.

COMMENTS