ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව අද (12) ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කළා.
එය ස්වීස්ටර්ලන්තයේ ජිනීවා හී දී ආරම්භ වුණේ, මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට පමණ.
එහි දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ, නියෝජ්‍ය මහ කොමසාරිස් ධූරයේ කටයුතු කරන, වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂීෆ් විසින්.
ඇය එහි දී කරුණු දැක්වූ අතර අනතුරු ව සැසිවාරයට එක් ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි ද අදහස් පළ කළා.
එහි දී විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ 46/1 යෝජනාව, ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බව යි.
එසේ ම මහ කොමසාරිස්වරයාගේ යෝජනාව සහ නිර්දේශ පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට බල කරන බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසනවා.

