විදුලි වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාගැනීමට අදාළ ගැටළු යොමු කිරීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් ඇතුළු තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක තුනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ, විධිමත් මාර්ග ඔස්සේ මුදල් එවන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට ඉඩ සලසන මෑතකදී හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන බවයි.
ඒ අනුව ක්ෂණික ඇමතුම් අංක 0773 039 034 , 0112 368 175 හෝ 0112 582 447 යන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) ප්‍රදබෝධ කග්ගොඩආරච්චි මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.


