වසනත්ත මුදලිගේ වෙනුවෙන් වන්නිල ඇත්තන් පෙරට එයි

වසනත්ත මුදලිගේ වෙනුවෙන් වන්නිල ඇත්තන් පෙරට එයි

වසනත්ත මුදලිගේ ඇතුළු අරගලයේ තරුණයින් රඳවා තබාගෙන සිටීම සම්බන්ධව ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්, දඹාන කොටබකිනිය ගම්මාණයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පල කළා.

වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වරදක් කරලා තියෙනවා නම් දඬුවම් කරන්න. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රඳවාගෙන දඬුවම් කළ යුතු නැතැයි වන්නිලා ඇත්තන් පවසයි

දැනට රඳවාගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක වන දඬුවම පිළිබඳව යළිත් සිතා බලන ලෙස ද ආදිවාසි නායකයා එහිදී අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

යම් වරදක් සිදු වී ඇතිනම් ඊට නිසි දඬුවම් ලබාදීම සාධාරණ වුවත් දීර්ඝ කාලයක් රඳවා තබා ගනිමින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම නුසුදුසු බව ආදිවාසි නායකයා එහිදී අවධාරණය කළා.

“වසන්ත මුදලිගේ කියන තරුණයා මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මට ආරංචි වෙනවා සමාජයේ එක එක කථා. ආදිවාසී මිනිස්සු කියන්නේ අර තැනටත් මේ තැනටත් කථා කරන මිනිස්සු, හැම එකක්ම අවුල් කරන මිනිස්සු කියලා කථාවෙනවා කියලා එක එක කථා,

හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවානම් ඒක තමයි සාධාරණය.” යනුවෙන් වැඩි දුරටත් පැවසීය.