සීගිරිය ලෙෂර් පාර්ක් එකක්ලු – සංචාරක ලේකම්ගේ අලුත්ම සොයාගැනීමක්

සීගිරිය බලකොටුවක් නො වන බවත් එය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවත් පර්යේෂණවලින් තොරතුරු අනාවරණය බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා සඳහන් කරනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමින්.
එහි දී ඔහු කියා සිටියේ,
“සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකය ම දන්නවා. නමුත් සීගිරියේ හරි දේ ලෝකෙට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොම ද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානයත් යුනිසෙෆ් එකේ නිලධාරිනුත් හැමදෙනා ම ඒකරාශී වෙලා ඉතාමත් ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදෙනා ම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණානම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර පොකුණු හදලා ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ ඇයි. ඇත්තට ම සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේ ම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී වීභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක් එකක්. එතන සම්පූර්ණ සාධයකයත් හමුවෙලා සනාථ වෙලා ඉවරයි.” යනුවෙන් පැවසීය.

