රනිල්ට ලෝකයම බයයි – වජිර අබේවර්ධන

රනිල්ට ලෝකයම බයයි – වජිර අබේවර්ධන

ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාව පරාජය කරන්නට නම්, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට සිට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව පැවසුවේ ඊයේ (14) ගාල්ලේ දී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“ලෝකය සමඟ සටන් කළ හැකි නායකයෙකු වාසනාවකට ජනාධිපති ධූරයට පත්ව ඇති බවත් ඉන් ප්‍රයෝජන ගත යුතු බවත් එහිදී මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ඉන්දියාවේ අය ඉන්දියානුවන් හැටියටත්, අමෙරිකාවේ අය අමෙරිකානුවන් හැටියටත්, චීනයේ අය චීන ජාතිකයන් හැටියටත්, සෝවියට් දේශයේ අය සෝවියට් වැසියන් හැටියටත් සිට ගන්නවා.

එහෙනම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන් ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විධියට හැසිරීමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහ ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයින්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා.

ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති.

එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.

ජාත්‍යන්තරය සෑම විට ම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්නට.

රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලු දෙනා ම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.

එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන් වේවි.“ යනුවෙන් පැවසීය.

COMMENTS