T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

එළඹෙන ලෝක කුසලාන T20 තරඟාවලියේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියා සිටියා.

මෙවර තරඟාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා ඔස්ට්‍රේලියායෙව්දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

එතැන් සිට තරඟාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිටිනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට මහනුවරදී පැවැත්වෙන පුහුණු සැසිවාරයේදී සහයෝගය ලබාදීමට එකගවී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට හේතුවක් ලෙසට මහේල ජයවර්ධන පෙන්වා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.