යුපුන් ලෝකයෙන්ම 20 වෙනි තැනට

යුපුන් ලෝකයෙන්ම 20 වෙනි තැනට

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන යුපුන් අබේකෝන් ලෝකයෙන් ම 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වී තිබෙනවා.

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන අතර, ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා යි.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.