සීදූවේ විහාරාධිපති ඝාතනයේ සුල මුල එළියට

සීදූවේ විහාරාධිපති ඝාතනයේ සුල මුල එළියට

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමට අදාළව එම විහාරස්ථානයේ වැඩ විසූ අනෙක් හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය සඳහන් කළේ, එම හිමි නම 18 වන වියේ පසු වන බව ය.

එම හිමි නම ඊයේ (15) ඩුබායි බලා පිටත්ව යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසීය.

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළ ම අපවත් වී සිටියදී පෙරේදා (14) පස්වරුවේ සොයා ගෙන තිබිණි.

එලෙස අපවත් වී ඇත්තේ, 50 හැවිරිදි වියේ පසු වූ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මහානාම හිමි බව ඔහු පැවසීය.

මේ අතර අත්අඩංගුවට ගත් 18 හැවිරිදි චීවරධාරියා පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ‘ලොකු හාමුදුරුවො මරලා වාහන දෙක රුපියල් කෝටි 2කට විකුණලා ඩුබායි ඉන්න මගේ පෙම්වතිය ළඟට යන්න මම සැලසුම් කරගෙන හිටියා’ යැයි සැකකාර හිමිනම පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (15) පාපොච්චාරණය කර ඇත.

මහානාම හිමියන් ඝාතනය කිරීමට සම්බන්ධවූ සැකකාර 18 හැවිරිදි චීවරධාරියාගේ ඩුබායි සිටින පෙම්වතියගේ මව සහ පියා අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් ඩිපෙන්ඩර් ජීප්රථය සහ වැගන්ආර් වර්ගයේ මෝටර් රථය රුපියල් කෝටි 2කට අලෙවි කර තිබියදී සීදුව පොලිසිය මගින් ඊයේ සොයාගෙන ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 19 හැවිරිදි චීවරධාරියා ඒකල සුමනසිරි නමැති අයෙකි. සැකකරු ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළේ රැඳී සිටියදී ඊයේ අලුයම 1.00ට පමණ සීදුව පොලිසියේ ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.