පොත් ගන්න, කියවන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

පොත් ගන්න, කියවන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට ආරම්භ විය.

එය ලබන 25 වැනි දා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත යි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 23 වැනි වරට වන අතර, ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සම්මානනීය ග්‍රන්ථ රැසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර ඇති අතර, වෙළෙඳ කුටි 400කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය තුළ ස්ථාපිත කර තිබෙන බව යි වාර්තා වන්නේ.

රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි වුණා.