රටේ ප්‍රශ්න විසඳන්න බහුතරයකගේ සහය තියෙනවා – ජනපති

රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ ABC ප්රවෘත්ති නාලිකාවේ ෆොරීන් කොරස්පොන්ඩන්ට් වැඩසටහනට එක් වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.
අවානි ඩයස් – “ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්…?”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව.”
අවානි ඩයස් -“ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා. යනුවෙන් පවසා තිබුණා.

