විසා නැතිව එන සංචාරකයෝ

සංචාරක පක්ෂීන්ගේ ආගමනය මේ වනවිට (18) ආරම්භ වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.
එහි මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියා සිටියේ ඔක්තෝම්බර් මස මැද භාගය වනවිට එම තත්ත්වය වර්ධනය වන බවයි.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින වල සංචාරක පක්ෂීන් වර්ග රාශියක් පැමිණ තිබේ.
වසරේ විවිධ කාලවලට මෙම ප්‍රදේශ වලට සංචාරක පක්ෂීන් පැමිණෙන අතර දේශගුණ විපර්යාස හේුතුවෙන් ඔවුන් මෙසේ මෙම ප්‍රදේශවලට සංක්‍රමණය වන අයුරු දක්නට ලැබේ. ඒ අනුව කාලයකට පමණක් දක්නට ලැබෙන සුන්දර පක්ෂීන් විශේෂ රාශියක් මේ දින වල යාපනයේ දැකගැනීමට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව යාපනය වල්ලෙයිවේලි හා තොන්ඩමනාරු නේරී යන ප්‍රදේශ වල මෙම පක්ෂීන් විශේෂ බහුල වශයෙන් දැක බලා ගැනීමට හැකියාව තිබේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලටත් සංචාරක පක්ෂීන්ගේ පැමිණීම දැක ගත හැකියි

