රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට

හෙට (18) දිනයේ පැවැත්වෙන දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සභාගිවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් 500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ලන්ඩන් නුවරට ළඟාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද මේ වනවිට ලන්ඩනයට පැමිණ තිබෙනවා.
එමෙන්ම බී බී සී පුවත් සේවය සඳහන් කළේ රාජ්‍යතාන්ත්‍රිකයින් පැමිණීමත් සමඟ ලන්ඩන් නුවර දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
එවැනි ආරක්ෂාවක් යොදවා ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව වීම විශේෂත්වයක්.
මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියා.
දෙවන එලිසබෙත් මහ රැජිණියගේ රාජාභිෂේකයට සහභාගි වූ මවුපියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකුට රැජිණියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීමේ අවස්ථාව උදාකර ගන්නට ලැබී ඇත.
ශ්‍රී ලංකාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත්, නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරියට ත් මෙම අහඹු අවස්ථාව හිමි වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලිසබෙත් මහ රැජිණියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පිටත්ව ගොස් ඇති අතර නෙදර්ලන්ත හිටපු රැජිණිය වන බිට්‍රික්ස් කුමරිය ද රැජිනට අවසන් බුහුමන් දැක්වීමට පැමිණ ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවුපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවති එලිසබෙත් මහ රැජිණියගේ කිරුළ පැළඳීමේ රාජාභිෂේක උත්සවයට අගමැති ඩඩ්ලි සේනානායක සමග සහභාගි වී තිබේ.
බිට්‍රික්ස් කුමරියගේ මවුපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගි වී තිබේ.
ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයන් ලෙස මොවුන් ඉතිහාස පොතට එක්වනු ඇත.

