ඉදිරි ඕනෑම මැතිවරණයක දී විමල්ගේ උත්තර ලංකා සභාගය තනිව එයි

ඉදිරි ඕනෑම මැතිවරණයක දී විමල්ගේ උත්තර ලංකා සභාගය තනිව එයි

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය ලෙස තරඟ කරන බව එම සභාගයේ සභාපති පාර්ලින්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමට කොළඹ දී ඊයේ එක්වෙමින්.

මෙම අවස්ථාවට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරු වන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු නිලධාරි මණ්ඩලය, සියලු පක්ෂ නියෝජනය කරමින් තෝරාපත් කරනු ලැබ ඇති සෙසු විධායක සභිකවරු හා සභිකවරියෝ සහභාගී වී සිටියහ.