වසර 20 කට පසු විවෘත වුන රාජකීය සොහොන් ගැබ (Photos)

වසර 20 කට පසු විවෘත වුන රාජකීය සොහොන් ගැබ (Photos)

ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ (19දා) විවෘත විය.

අවසන් වරට සොහොන් ගැබ විවෘත වූයේ එළිසබෙත් මහ රැජනගේ මව් රැජනගේ දේහය තැන්පත් කිරීම සඳහායි.

මව් රැජනගේ දේහය මෙන්ම එළිසබෙත් රැජනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ දේහයද මෙහි තැන්පත් කර තිබේ.

මහ රැජනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු පසුගිය වසරේදී මියගිය නමුත් ඔහුගේ දේහය සොහොන් ගැබේ තැන්පත් කිරීම ප්‍රමාද කෙරිණි.

පිලිප් කුමරුගේ දේහයද මහ රැජනගේ දේහය සමඟ මිහිදන් කරනු ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. බ්‍රිතාන්‍යයේ රාජකීය සම්ප්‍රදාය අනුව මේ සඳහා සහභාගි වීමට අවසර හිමි වන්නේ මහ රැජිණගේ දරුවන් සිව්දෙනාට පමණි.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එළිසබෙත් රැජන වසර 70 ක් කිරීටය හොබවා පසුගිය 08 වැනිදා බැල්මොරල්හිදී මිය ගියාය. 1952 දී සිංහාසනයට පැමිණි රැජන, ඇයගේ ධුර කාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් දුටුවාය.