සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

සතොසට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද (21) කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසටයි.
මුදල් වංචා කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු වන සතොස හිටපු ප්රවාහන කළමනාකාරවරයා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

