ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ පරිත්‍යාගයක්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ පරිත්‍යාගයක්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්ලය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍ යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, කැතීටර්, සිරින්ජර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ මීට ඇතුළත් බව යි.

මේ අතර, ඕස්ට්‍රේලියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 600ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී තිබෙනවා.

ඒ, ලෝක ආහාර වැඩසටහන ඕස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමකට අනුව යි.

මෙම සහල් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 15ක් පමණ වන අතර, ඒවා ඉදිරියේ දී අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමට නියමිත යි.

ඔස්ට්‍රේලියාව වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගනිමින් ඉදිරියේ දීත් මෙරටට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව යි.