අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (23) සිට ලබන 25 වනදා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.
පැරණි ලක්ෂපාන බලාගාරයේ අධියර 1 ක්රියාත්මක නොවීම වෙස්ට්කොස් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිකම මෙන්ම හදිසි විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසම කියාසිටියේ.

