මර්දනයට එරෙහි වූ විරෝධතාකරුවන් 84ක් අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට එක්වූ පුද්ගලයන් 84 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ ස්වාමීන් වහන්සේලා දෙනමක් ද වන බවයි පොලිසිය කියාසිටියේ.
එමෙන්ම කාන්තාවන් 4 දෙනෙකු- ද විරෝධතාව අතර පොලිස් අත්අඩංගුවට පත්වූවන්ට අයත්.
ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමන පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා.
මර්දනය හකුලාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී ජල සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කර එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.
භික්ෂුන් වහන්සේ දෙනමක්, කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 84 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා. ඒ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද සිටිනවා.
මේ අතර, රජයට එරෙහිව පසුගිය ජුලි 9 වනදා පැවති මහජන අරගලය අවස්ථාවේ මහනුවර සිට දුම්රියක් කොළඹට ධාවනය කරවීමට මැදිහත් වූ කාන්තාවක් අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා. ඒ එම සිද්ධියට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහායි.

