පාර්ලිමේන්තුවේ කෑම වේලේ මිල ගනන් වල වෙනසක්

පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගනන් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නව ආහාර වේලක මිල රුපියල් 300ක් වෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක ද මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 150ක් වන බව සඳහන්.

