පවුලක බදු බර රුපියල් 28,000 දක්වා ඉහළට

පවුලක බදු බර රුපියල් 28,000 දක්වා ඉහළට

මෙරට පවුලක බදු බර රුපියල් 28,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.

රජය විසින් පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් මෙලෙස බදු බර වැඩි වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර 2021 වසරට සාපේක්ෂව මේ වසරේ සාමන්‍ය බදුබර සියයට 42කින් ඉහල ගොස් ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුකළ අධ්‍යනයකට අනුව සාමාන්‍ය පවුලක බදු බර රුපියල් 28,000ක් පමණ වන බවයි.

මෙරට තුළ උද්ධමනය ඉහල ගොස් ඇත්තේ රජය විශාල වශයෙන් වක්‍රබදු ජනතාව මත පැටවීම හේතුවෙන් බව ද ඔහු එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.