චීන හමුදාව බලය අල්ලයි – ෂී ජිං පින් නිවාස අඩස්සියට ?

චීනයේ හමුදා කුමන්ත්රණයකින් එරට ජනාධිපති ෂී ජින්ග් පින්ග් නෙරපා දමා ඔහු නිවාස අඩස්සියක රඳවා තබා ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් සංසරණය වීමත් සමඟ ලොව පුරා මහත් ආන්දෝලනයක් මතු ව තිබෙනවා.
ඇතැම් වාර්තාවල දැක්වුණේ, එරට හමුදා ප්‍රධානී ලී කියෝමින්ග් එරට පාලනය ලබා ගැනීමට නියමිත බවට වාර්තා වන බව යි.
චීනයේ බීජිං නුවර උඩුගුවනේ වාණිජ ගුවන් ගමන් සිදු කිරීම ද නවතා දමා ඇති බවත් ගුවන් යානා 9000කගේ පමණ ගුවන් ගමන් තාවකාලික ව නවතා දමා ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් එලෙස ගුවන් ගමන් අත්හිටුවා නොමැති බව ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවිය සනාථ කරන අතර, මේ සම්බන්ධයෙන් තවමත් එරට පාලක කොමියුනිස්ට් පක්ෂය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
චීන ජනපති ෂි ජින්ග් පින්ග් කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට පසුගිය දා උස්බෙකිස්ථානයේ කලාපීය සමුළුවකට ද සහභාගි වුණා.
කෙසේ වෙතත් මේ දක්වා ලොව ප්‍රධාන මාධ්‍ය කිසිවක මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර නැහැ.
මේ අතර තහවුරු නොකළ ගිණුම් වලින් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවී ඇත්තේ, විශාල හමුදා රථ පෙළක් බීජිං අවට සැරිසරන ආකාරයයි. එමෙන්ම ට්විටර් පණිවුඩවල සඳහන් වන්නේ ෂී ජින්පින් ජනාධිපතිවරයා නෙරපා හැර ඇති බවයි.

