නොරොච්චෝලේ පන ගන්වන්න යන කාලය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

බිඳ වැටීමකට ලක් වී ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනු යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් දැනුම්වත් කරනවා.


