මනමේ බලන්න පේරාදෙණි සරසවි බිම රොද බැද ගනී (Photos)
පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයනාංශය මඟින් සංවිධානය කෙරුණු නාට්‍ය උලෙළට සමඟාමී ව ඊයේ (26) මනමේ නාට්‍යය වේදිකාගත කෙරුණා.
ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී.
මනමේ නාටකය සම්ප්‍රධායක් වශයෙන් සෑ ම වසරක දී ම පේරාදෙණි සරසවියේ රඟ දක්වනු ලබනවා.
සාමාන්‍යයෙන් එක වර වැඩි ම ප්‍රේක්ෂක පිරිසකගෙන් සරච්චන්ද්‍ර රඟමඬල පිරී යන්නේ, මනමේ නාට්‍යය නැරඹීමට යි.
මෙම වසරේ ද එම තත්ත්වය එසේ ම පැවති අතර, එහි දැකිය හැකි සුවිශේෂ ම කරුණ වන්නේ, ඊයේ දිනයේ මනමේ නාටකය බැලීම සඳහා 9,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් සහඟාගි වීම යි.
එය පෙර නො වූ විරූ ප්‍රේක්ෂක සහභාගිත්වයක් බවයි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය යනු, ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක්.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙම රංග පීඨය නිර්මාණය කර ඇත්තේ ම මනමේ නාටකය පෙන්වීමට බව යි සඳහන් වන්නේ.
රුපියල් 50ක් වැනි ඉතා ම සුළු මුදලකට මෙහි නාට්‍යය නැරඹිය හැකි අතර, එය කාටත් හිමි වන මහඟු අවස්ථාවක්.