මගේ කාලේ මිනිස්සු හොඳට හිටියා, ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි – මෛත්‍රී

මගේ කාලේ මිනිස්සු හොඳට හිටියා, ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි – මෛත්‍රී

අද පවතින ප්‍රශ්න කිසිවක් තම පාලන කාලයේදී නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති වැඩි දුරටත් දැක්වූ අදහස්,

‘‘ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි. මිනිස්සු දෙයියන්ගේ පිහිටෙන් කාලා බීලා හිටියා. මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩු බිහිවන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් ප්‍රගතිශීලී පක්ෂ ඒකරාශි කරගනිමින් සන්ධානයක් පිහිටුවා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.කොළඹ ආශ්‍රිතව අධි ආරක්ෂිත කලාප වෙන් කිරීම යහපත් තත්ත්වයක් නොවෙයි. ඒ හරහා සිදුවන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගී සිටීම වැඩිවීම පමණයි.’’ යනුවෙන් පැවසීය.

COMMENTS