බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට චෝදනාවක්

බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට චෝදනාවක්

ආදායම් බදු ගෙවීම පැහැර හැරි හොලිවුඩ් ගායිකා ෂකීරාට චෝදනාවක්

2012 සිට 2014 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 14යි දශම 3යි 1ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ලොව ප්‍රකට ගායිකාවක් වන ෂකීරා එරෙහි ව චෝදනා එල්ල වී තිබෙනවා.

ස්පාඤ්ඤ අධිකරණයක මෙම චෝදනාවලට එරෙහි ව ඇය වගඋත්තරකාරියක් කර ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොලොම්බියානු ජාතික 45 හැවිරිදි ෂකීරා තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට එල්ල වන මෙම චෝදනාවලට වරදකාරියක් වුව හොත් වසර 8කට බන්ධනාගාරගත වීමට සිදු වන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://bit.ly/3E88PCq