පොලිසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්

පොලිසියට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.
ඒ, පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කරන ලද විරෝධතාවට පොලීසිය විසින් අමානුෂික අන්දමින් පහරදුන් බවට චෝදනා කරමින්.
මේ අතර විරෝධතාවට සහභාගි වූවන් නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ බව ද ඔවුන් විසින් ශ්‍රී ලංකා පොලිස් කොමිසමට පැමිණිලි කළා.

