ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ගැන ඇමතිගෙන් ට්විටර් සටහනක්

ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ගැන ඇමතිගෙන් ට්විටර් සටහනක්

ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට අනුව ගල් අඟුරු සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි සැපයුම්කරුවන් සහ ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සැපයුම්කරුවෙකු සඳහා අවම දින 180 ක ණය පහසුකමක් සහිතව මෙම ටෙන්ඩරය විවෘත වනු ඇති.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන ටෙන්ඩරය ලබන සතිය වන විට නිකුත් කරන බවද එම ට්විටර් සටහනේ සඳහන් වනවා.

COMMENTS