මැයි 9 වනදා සිද්ධියට අදාළව පොලිසියේ 33කට ස්ථාන මාරු

මැයි 9 වනදා සිද්ධියට අදාළව පොලිසියේ 33කට ස්ථාන මාරු

මැයි 9 වනදා රට පුරා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන් පාලනය කර ගැනීමට නොහැකිවූ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් 33 දෙනෙකු ස්ථාන මාරුකර තිබෙනවා.

ඒ අතර, ගාල්ල, කුරුණෑගල, කුලියාපිටිය, උයිලන්කුලම, අනුරාධපුරය, මිහින්තලේ, මින්නේරිය, වාරියපොල, දංකොටුව, හෙට්ටිපොල සහ නාරම්මල යන ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබෙනවා.

එමෙන් ම, දොම්පේ, හෝමාගම, කැස්බෑව, කොහුවල, කිරිබත්ගොඩ, කළුතර, මීගමුව සහ මහනුවර, චීන වරාය, තිස්සමහාරාමය, පිටිගල, කෑගල්ල මෙන්ම කොලොන්නාව ප්‍රදේශ භාර පොලිස් ස්ථානාධිපතිවරුන් ද සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථානමාරු වීම් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මැයි 9 වනදා මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපලවලට අලාභහානි සිදුකිරීම සහ ගිනි තැබීමේ සිද්ධීන් වළක්වා ගැනීමට උත්සාහ නො කළ බවට මොවුන්ට චෝදනා එල්ල වනවා.

මේ අතර, මහනුවර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සහ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සැරයන්වරු දෙදෙනෙකු හැර සෙසු සියලුම නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර යවා තිබෙනවා.

මහජනතාව යොමුකරන පැමිණිලි නිසි පරිදි විභාග නොකිරීම මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

COMMENTS