ඉන්ධන මිල වෙනස් වෙයිද ?

ඉන්ධන මිල වෙනස් වෙයිද ?

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව අද(01) දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එලෙස ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර ප්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණු අතර ඒ අනුව අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි 17 වැනිදායි.

එදින සිට මේ දක්වා ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබූ අවස්ථා හතරක දී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු වුයේ නැහැ.