රාජ්‍ය සේවකයන්ගේ වැටුප කප්පාදු කරන කතාව බොරුවක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප කප්පාදු කරන කතාව බොරුවක්

රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රජය කිසිසේත් ම එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

රටේ ජනතාව කුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළා දකින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රාජ්‍ය සේවයකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජය වගකීම සේ සලකන බව ය.