සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට (Photos)

සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට (Photos)

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ එම කමිටුවේ සභාපති වේ.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

සභාපති – ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
ලේකම් – අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා

කමිටු සාමාජිකයින් –
• දොස්තර මහියා ගුණසේකර මහතා
• ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා
• සනත් ජයසූරිය මහතා
• ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා
• තිලකා ජිනදාස මහත්මිය

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් සහභාගිවිය.