ශ්‍රී ලංකාව දරණු ආර්ථික අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට නුදුරේදීම ඇදවැටෙනවා

ශ්‍රී ලංකාව දරණු ආර්ථික අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට නුදුරේදීම ඇදවැටෙනවා

ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට නුදුරේ දී ම සම්පූර්ණයෙන් ම ඇදවැටෙන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

Amnesty International නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්තාවක් හුවා දක්වමිනුයි මෙම අදහස් දක්වා ඇත්තේ.

කුසගින්න දැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය සර්පිලාකාරව ගමන් කරමින් සිටින අතර එය නැවැත්වීම සඳහා මානව හිමිකම් අනුකූල ප්‍රතිසාධන ඇතුළත් පියවර ගැනීමේ අවශ්‍යතාව ගැන එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ බලධාරින් විසින් රටේ ජනතාවගේ ගැටලුවලට ප්‍රධාන විසඳුම් සෙවීමේ දී මානව හිමිකම් ඊට සම්පූර්ණයෙන් ම ඇතුළත් කරමින්, රටේ ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලැබිය යුතු පහසුකම් සම්බන්ධයෙන් ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එම නිසා ජනතාවට කුසගින්නේ සිටිමින් මන්දපෝෂණයට එරට දරුවන් පත්වීම මෙන්ම, ලැබිය යුතු සෞඛ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් පීඩාකාරී තත්ත්වයකට ශ්‍රී ලාංකියා ඇදවැටෙමින් සිටින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

පුළුල් ව පැතිරුණු මන්දපෝෂණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දරිද්‍රතාවයේ රතු සීමා දැල්වෙමින් තිබෙන බවයි වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර සංවිධානය විසින් දක්වනු ලැබ ඇත්තේ.

එහි ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති වී තිබෙන දරිද්‍රතාව සම්බන්ධයෙන් වාර්තාවේ අඩංගු සටහනක් මෙලෙස උපුටා දක්වා තිබෙනවා.

“We are near total breakdown. For months now, the people of Sri Lanka have been suffering from severe shortages of food and have struggled to access healthcare, while sky-high inflation has exacerbated already existing patterns of inequality. The Sri Lankan authorities and the international community must act quickly to mitigate the widespread human rights cost of the crisis, which has cruelly stripped away people’s access to their rights…”.

උපුටාගැනීම,

“සම්පූර්ණ බිඳවැටීමට ආසන්නයි. මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආහාර හිඟයකින් පෙළෙන අතර සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට අරගල කර ඇති අතර, අහස උසට උද්ධමනය දැනටමත් පවතින අසමානතා රටාවන් උග්‍ර කර ඇත. මිනිසුන්ගේ අයිතීන් සඳහා ඇති ප්‍රවේශය කුරිරු ලෙස ඉවත් කර ඇති අර්බුදයේ පුලුල්ව පැතිරුනු මානව හිමිකම් පිරිවැය අවම කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉක්මනින් ක්‍රියා කළ යුතුය. යනුවෙන්

සෞඛ්‍ය, ආහාර සහ සමාජ ආරක්ෂණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂණයට දැඩි ලෙස වැදගත් වන බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

රටේ අර්බුද විසඳා ගැනීමට පාලක පක්ෂයට බල කරමින් අරගලයක නිරත වන ශ්‍රී ලාංකික ප්‍රජාවට රටේ අසමානතාව හේතුවෙන් දෛනික ජීවිතයේ ගැටලු රැසකට මැදිහත් වීමට සිදු ව ඇති බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ දැක්වෙන්නේ.

මිනිස් අයිතීන් ලබා ගැනීමට දරන ප්‍රයත්නයන්හි දී ශ්‍රී ලංකාවේ බලධාරීන් එම වෑයම කුරිරු කිරීමට විවිධ උපක්‍රම භාවිත කරන බව ද එහි පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙ ආර්ථිකය සවිමත් කිරීමට ජාත්‍යන්තර ආධාර ප්‍රමාණය වැඩි කිරීම, පුළුල් සමාජ ආරක්ෂණය සහතික කිරීම සහ ණය සහන සඳහා ඇති සියලු විකල්පයන් සලකා බැලීම වැනි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මෙරට නායකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිසාධන ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ද එහි දක්වා තිබීම විශේෂත්වයක්.

මෙම වාර්තාව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් සකසනු ලැබුවේ 2022 ජූනි සහ සැප්තැම්බර් අතර, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මාධ්‍ය විසින් සමාජයේ පුළුල් පරාසයක වෙසෙන පුද්ගලයන් 55 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මගින් එහි නිල සනාථභාවය තහවුරු කර තිබෙනවා.

එහිදී ස්ථිරභාවයකින් තොර වෘත්තියයන්හි නියැලෙන්නන්, කම්කරුවන්, ධීවර, වතු සේවකයින් ආදී සමාජයේ දැඩි බලපෑමකට ලක්වන්නන් සම්බන්ධයෙනුයි වැඩි වශයෙන් අවධානයක් යොමු කර ඇත්තේ.

https://bit.ly/3EfL2k3