ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙන් ඉවත්වෙයි – පාඨලී ජාතික සභාවට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙන් ඉවත්වී තිබෙනවා.
අද (05) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන්නේ, එම පුරප්පාඩුවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරම් පත්කර ඇති බව යි.
එමෙන්ම ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා ද ජාතික සභාවට නම්කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

