දුරකථන ගාස්තු යළිත් ඉහළට – රීලෝඩ් පැකේජ ගාස්තුත් වෙනස් වෙයි

දුරකථන ගාස්තු යළිත් ඉහළට – රීලෝඩ් පැකේජ ගාස්තුත් වෙනස් වෙයි

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කරයි.

මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතින බව අදාල දුරකථන සමාගම් සඳහන් කරයි.