මාර්ග ඉදිකිරීම් නැවතෙයි – නඩත්තු කටයුතු පමණයි

මුදල් ප්‍රතිපාදන සහ අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් නව මාර්ග ඉදිකිරීම හෝ මාර්ග පුළුල් කර වැඩි දියුණු කිරීම සිදු නො කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
කෙසේ වෙතත්, මාර්ගවල නඩත්තු කටයුතු පමණක් මේ වන විට සිදු කෙරෙන බව යි එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ.

