අලී ටෙස්ට් පිටියට සමුදෙයි

අලී ටෙස්ට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසද ප්‍රකට අලී පසුගිය පකිස්තාන – එංගලන්තය අතර පැවැති පන්දු වාර 20-20 ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දැරුවේය.

එරට පුවත්පතකට ලිපියක් ලියමින් ඔහු සඳහන් කර තිබුණේ නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමා තුළ කැමැත්තක් නොමැති බවයි. මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64 කට ක්‍රීඩා කර ලකුණු 2914 ක් සහ කඩුලු 195 ක් දවාගෙන ඇත.

https://bit.ly/3rAYcAD

COMMENTS