මවගේ කොණ්ඩ බූලයෙන් ආ මාරයා

තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමාගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක එල්ලී ගෙළ සිර වීමෙන් අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට – මහබෝගොඩ ප්‍රදේශයේ විදුහලක හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර, නිදන කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇණයක මෙලෙස දරුවා එල්ලී සිටින ආකාරය වැඩ නිමකර නිවසට පැමිණි ඔහුගේ පියා විසින් දැක තිබෙනවා.
එම අවස්ථාවේම පියා සිය දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි දරුවා මියගොස් ඇත්තේ.
සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී සිට ඇති අතර වැඩිමල් සහෝදරිය අමතර පන්තියකට ගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

