හිමාලය තරණය කරන්න ගිය 19ක් මරුට

හිමාලය තරණය කරන්න ගිය 19ක් මරුට

ඉන්දියාවේ හිමාල කඳුවැටි ප්‍රදේශයට ඇතිවූ හිම කුණාටුවකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හිමාල කඳුවැටිය තරණය කරමින් සිටි පිරිසකි.

පුහුණු අභ්‍යාසලාභීන් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හිමාල කඳුවැටිය තරණය සඳහා එලෙස ගොස් තිබේ.

ඔවුන් සමඟ උපදේශකයින් 07 දෙනෙකු ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අතරින් පුද්ගලයන් 19 දෙනෙකු හිම කුණාටුවට හසුවී මියගොස් ඇත.

එම අවස්ථාවේ පිරිස මීටර් 5,670ක් තරම් උස කඳුමුදුනක සිට ආපසු පැමිණෙමින් සිට තිබූ බවද වාර්තා වී තිබේ.

මේ වනවිට මළසිරුරු 19ක් සොයාගෙන ඇති අතර අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

https://cbsn.ws/3ClOCqm