සඳුදා සියළු බැංකු වලට නිවාඩු

සඳුදා සියළු බැංකු වලට නිවාඩු

එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වේ.

නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවයි. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.

ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.