ගාලු මුවදොර විරු සැමරුම උණුසුම් වෙයි

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය ඊයේ (09) පස්වරුවේ කටයුතු කළේය.
එහිදී අරගලකරුවන් හය අත්අඩංගුවටගත් බව ද වාර්තා වේ.
අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් ඊයේ පස්වරු 5.45ට පමණ ගාලු මුවදොරට රැස් වුණි.
එහිදී සැමරුම ආරම්භ වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්ර ඔස්සේ දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් අරගලකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
අනතුරුව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළේය.

