9 දෙනෙකු මැරූ කොටියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

පුද්ගලයින් 9 දෙනෙකු මරා දැමූ කොටියෙකු ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරුණු අතර, ඊට පොලිස් නිලධාරීන් 200කට වැඩි පිරිසක් එක්වුණා.
ලොව කොටි ගහණය වැඩිම රට ලෙස යි ඉන්දියාව සලකන්නේ.

