අරගලයේ කප් එක මිස් වුණේ ඇයි ? බිමල් රත්නායක (Video)

අරගලය කප් එක මිස් වුණේ එකම සම්මුතියකට එන්න බැරි වූ නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.
“මෙච්චර හොඳ ජයග්‍රහණ ගොඩක් දිනලා ඇයි අපිට කප් එක මිස් වුණේ ඇයි දිනන්න බැරි වුණේ අරගලය තුළ ගොඩනැඟුණු ප්‍රධාන මධ්‍යස්ථාන තුනක් තිබුණා එකක් ජ.විපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය, අනික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අනික ගෝල්ෆේස් මධ්‍යස්ථානය මේ තුන ඒකාබද්ධ වෙලා coordinating ප්ලෑන් එකක් හදා ගන්න බැරිවීම කප් එක මිස් වීමට එක හේතුවක්.
මේ තුළ ක්‍රියාත්මක වුණා රාජපක්ෂ විරෝධී බලවේග වගේම ජ.වි.පෙ විරෝධී බලවේග ජ.වි.පෙ කොහොමද කොටු කරන්නේ කියලා බැලුවා, විවිධ ප්ලෑන් කළා. අරගල මධ්‍යස්ථාන තුන තුළම එකම දේශපාලන ව්‍යාපෘතිය වුණේ ජවිපෙ සමාජවාදී තරුණ සංගමය ඇතුළු විවිධ ප්රගතිශීලී කණ්ඩායම් ඒ තුළ හිටියා. ඔවුන්ට අපි හිස නමා ආචාර කරනවා මේ මහා ජන සන්නිපාතය ගෝඨාභය නෙවෙයි ඉන්දියාවේ ආණ්ඩුව වුණත් පෙරළන්න ඇති අරගල මධ්‍යස්ථානය තුළ එක සම්මුතියකට එන්න බැරි වීමත් මීට විශාල බලපෑමක් වුණා.
ගෝල්ෆේස් ප්රකාශනයක් හැදුවා ඒකට අතිවිශාල ප්‍රමාණයක් අත්සන් කළාට සමහර කොටසක් අස්සන් කළේ නැහැ, හැබැයි මහන්සි වෙලා පැය ගණන් සාකච්ඡා කරලා හදපු ගෝල්ෆේස් ප්රකාශනයට අස්සන් නොකරපු අයද කට්ටිවාදී නැත්නම් ජ.වි.පෙ ද කට්ටිවාදී කියලා අපි අහනවා ඇත්තටම මේ දේවල් සාකච්ඡා කරන්න තිබුනේ දැන් නෙවෙයි,” යනුවෙන් පැවසීය.

