73 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් 7,499කට උසස්වීම්

අදට යෙදී ඇති 73 වන යුද හමුදා දිනය නිමිත්තෙන් නිලධාරීන් තුන්සිය හැත්තෑ දෙදෙනෙකු සහ සෙසු නිලයන් 7,127 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අදාළ උසස්වීම් ලබාදී ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.
එහි දී බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති අතර, කර්නල්වරුන් 23 දෙනෙකු උසස් කර ඇත්තේ බ්‍රිගේඩියර් ධුරයට යි.

