පාර්ලිමේන්තුව වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වයෝවෘද්ධ අය එපා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

පාර්ලිමේන්තුව වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වයෝවෘද්ධ අය එපා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

වයස් සීමාව දීර්ඝ කිරීම අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වී ඇත බව ද සභාපතිවරයා පැවසීය.

“මේක සම්පූර්ණ වැරැදි ක්‍රියාවක්. ඔය පාර්ලිමේන්තුවේ වයෝවෘද්ධ අය පුරවා ගත්ත වගේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වයෝවෘද්ධ අයගෙන් පුරව ගන්න එපා. මේ රටේ තරුණ වෛද්‍යවරු ඇති තරම් ඉන්නවා.

මේක 60න් නවතින්නේ නැහැ. තව ටිකක් කල් යනකොට 65ක්වත් වෙනවා ඊට පස්සේ ඕකෙන් නවතින්නෙත් නැහැ. එංගලන්තය වගේ 70කුත් ඕන අපිට කියලා ඉල්ලයි. කරුණා කරලා ගත්තා නම් තීන්දුවක් ඒ තීන්දුවේ රැඳී සිටින්න.

කොළඹ මහ රෝහලේ 44 දෙනෙකු යනව ලු විශ්‍රාම. එතකොට කඩා වැටෙයි ලු මහ රෝහල. මහ රෝහල කඩා වැටෙන්නේ නැහැ. මොකද? රෝහලේ එක වාට්ටුවක විශේෂඥ වෛද්‍යවරු දෙන්නා තුන්දෙනා පවා ඉන්නේ. වයස යන්න යන්න විශේෂඥ වෛද්‍යවරු කරන්නේ මොකක් ද restroom එකට වාඩිවෙලා පත්තරයක් බල බල ඉන්නවා. හැබැයි තරුණ වෛද්‍යවරු වැඩ කරනවා.” යනුවෙන් පැවසීය.

COMMENTS