අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි

අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී යි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි වාර කිහිපයක් ඇති වනු ඇති බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS