මධ්‍යපානේ බීමේ ජොලියට නටපු ටීචර්ලට වැඩ වරදී

ලෝක ගුරු දිනය නිමිත්තෙන් මීගමුව පාසල පැවැති උත්සවයකදී ගුරුවරුන් හා ගුරුවරියන් ‘‘මේ මධ්‍යපානේ බීමේ ජොලිය – ගෑණු නොදන්නේ – ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ‘‘ යන ගීතයට ආවේගාත්මක ලෙස නර්තණයක යෙදුණු බවට මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත.
පාසලකට හෝ ගුරුදින සමරුමකට හෝ නොගැලපෙන ගීතයක් පසුබිමෙන් වාදනය වෙද්දී ගුරුවරු හා ගුරුවරියන් පිරිසක් ඊට තාල තබමින් නර්තණයක් යෙදෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ දීනවල සමාජ මාධ්‍යවල සැරිසරන අතර ඊට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.
එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවැසීය.

